Gossips

මාලදිවයිනට හදිසි නීතිය

මාලදිවයින දශක 03කට අධික කාලයක් පාලනය කළ එරට හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහුගේ ඥාති සොහොයුරු වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් එරට හදිසි නීතිය පැනවීමෙන් අනතුරුවයි.
හිටපු ජනාධිපති ගයුම් මෑත කාලයේදී විපක්ෂය හා එක්ව ජනපති යමීන්ට එරෙහිව කටයුතු කළ බව සඳහන්.
ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණය අතර අර්බුදය දැන් උත්සන්න වී ඇති අතර, ජනතා විරෝධතා මැඬලීම ඔහු විසින් හදිසි නීතිය පැනවීමේ අරමුණ බව විශ්වාස කෙරෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඞ් ඇතුළු දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාදීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති යමීන් එරට පාර්ලිමේන්තුව ද අත්හිටුවනු ලැබුවා.