Gossips

බේරුවල නිවසක පිලිස්සුනු මළ සිරුරක්

බේරුවල මස්සල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලේ පිලිස්සුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකු පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් පමණ වන පුද්ගලයෙක්.
පිලිස්සුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටින බවට බේරුවල පොලිසියට අද සවස ලැබුනු තොරතුරකට අනුවයි විමර්ශණ ආරම්භ කෙරුනේ.
මෙම පුද්ගලයා වසර 5 ක පමණ කාලයක සිට අදාළ නිවසේ කුලී පදනම මත තනිව ජීවත්වු අයෙක් බවට අනාවරණ වී තිබෙනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර බේරුවල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.