Gossips

ආරක්ෂාවට පොලීසියෙන් 1900 ක්

වෙසක් සතිය අද ආරම්භ වන අතර එය ලබන 2 වනදා දක්වා ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරින් 1900ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම කාලය තුළ රථවාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1100 ක් යෙදවීමට කටයුතු යොදා ඇති බවයි.