Gossips

රන් භාණ්ඩ මිලදීගැනීමේදී විමසිලිමත්වන්නැයි උපදෙස්

රන් භාණ්ඩ මිලදී ගැනීමේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව සහිත රන් භාණ්ඩ මිලදී ගැනීමට සුපරික්ෂාකාරී වන ලෙසට එම අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.
රන් මිල ඉහළ යාම හමුවේ ප්‍රමිතියෙන් බාල ස්වර්ණාභරණ වෙළඳපොලට නිකුත් වීමට වැඩි ඉඩකඩක් පැවතිය හැකි බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් මහේෂ් ගම්මන්පිල කියා සිටියේ.
මේ අතර මැණික් අපනයනය සඳහා පනවා ඇති සේවා ගාස්තු පහළ දමන තුරු ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්වන බව මැණික් වෙළඳ ව්‍යාපාරික සංගමය පවසනවා.
එහි සභාපති ජගත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එම ගාස්තුව මැණික් ක්‍ෂේත්‍රයේ නියැලෙන සියලු පිරිස් සඳහා දැඩිව බලපාන බවයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් මැණික් වෙළඳ ව්‍යාපාරික සංගමය සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක අතර ඊයේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.