Gossips

මහ බැංකුවෙන් නිවේදනයක්

ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ දිනයට පෙර අදාළ ගෙවීම් සිදුකිරීමට නොහැකි බවට පළවන වාර්තා සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ දේශීය සහ විදේශීය ණය සේවාකරණවල ගෙවීම් කටයුතු නියමිත පරිදි අඛණ්ඩව සිදුවන බවයි.
නියමිත ක්‍රියාපටිපාටියට අනුව කල් පිරෙන දිනට පෙර නොව, කල් පිරෙන දිනයේදී අදාළ පොලී සහ ණය ආපසු ගෙවීම් සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.