Gossips

ජනපතිගේ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්

මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය අරමුණු කරගනිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට ඊයේ (24) පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය වී තිබෙනවා.
නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ සඳහා පත්කළ පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවේ යෝජනා අනුව මාස එකහමාරක් දෙකක් වැනි කෙටි කාලයක් තුළ පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදුකිරීමට තීරණය වූ බවයි.
ඒ අනුව මැයි මස 8 වනදායින් පසු මධ්‍යම කාරක සභාව යළි රැස්වීමට නියමිතයි.
එහිදී පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධනය අනුබද්ධ සංවිධාන සක්‍රිය කිරීම හා පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල වෙනුවෙන් නම් කෙරෙනු ඇති.
එමෙන්ම මෙවර මැයි දින සැමරුම සාර්ථකව පැවැත්වීමට සහ මැයි පළමුවනදා සවස 3 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මැයි දින සැමරුම් උත්සවයක් සංකේත්තාත්මකව සිදු කිරීමටත් තීරණය වී තිබෙනවා.
නිදහස් පක්ෂයේ ප්‍රධාන මැයි රැළිය 7 වනදා මඩකලපුව චෙන්කලඩිහිදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.