Gossips

පොලිස් නිල ඇඳුම් සහ හැඳුනුම්පත් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිසියට අයත් නිල ඇඳුම් කොටස් නිල හැඳුනුම්පත් සහ ජීව උණ්ඩ ළග තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලැබුනු තොරතුරකට අනුව මීගොඩ හොරකඳවිල ප්‍රදේශයේ කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.
එම වැටලීමේ දී අදාළ සැකකරු සතුව තිබී පොලිසියේ විවිධ තරාතිරම්වලට අයත් නිලධාරීන්ගේ නිල ඇඳුම් කට්ටල 3 ක්, පොලිස් නිල හැඳුනුම්පත් 16, සේවා ලේඛණ 3 ක්, නිල ලාංඡන සහිත හිස්වැසුම් 2 ක්, වෙනත් පුද්ගලයන්ට අයත් ජාතික හැඳුනුම්පත් 12 ක්, විදෙස් ගමන් බලපත්‍රයක් ඇතුලු ව්‍යාජ ලිපි ලේඛණ සහ තහනම් පිහි 4 ක් සහ ජීව උණ්ඩ 20 ක් සොයාගෙන තිබෙනවා.
සැකකරු මීගොඩ හොරකඳවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක් වන පුද්ගලයෙක්.
ඔහු බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ද ලබා සිටින අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
සැකකරු අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකර්ණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.