Gossips

ඩොලරයෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බලපෑම්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමත් සමඟ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යනු ඇති බවට ඇතමුන් මත පළ කරනවා.
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවම අගය ඊයේ (24) වාර්තා වූ අතර, එය දැක්වුණේ රුපියල් 158යි ශත 69ක් ලෙසයි.
පවතින තත්ත්වය මත ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යනු ඇත්දැයි හිරු ප්‍රවෘත්ති අංශය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය හා වෙළඳුන්ගේ සංගමයෙන් විමසූ අතර, එහි මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ මෙම කාලසීමාවේ රුපියල අවප්‍රමාණය වීම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල කෙරෙහි විශාල බලපෑමක් සිදුනොවන බවයි.
පසුගිය කාලයේ ජාත්‍යන්තර වෙළඳපොලේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත වැටී තිබීම ඊට හේතුව බව ඔහු සදහන් කළා.