Gossips

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මෙහෙයුමක්

ඩයිනමයිට් යොදා මරන ලද මසුන් කිලෝග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තිබී අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ධීවර අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් ඒකකය, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදුකළ අතර, කින්නියා, පුල්මුඩේ හා මාතර ප්‍රදේශවලින් මෙම මසුන් තොගය ව්‍යාපාරිකයින් සිව් දෙනෙකු විසින් රැගෙන විත් තිබූ බවයි ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම, ඇල්ලීම තහනම් කර ඇති තඹුවා නමැති මත්ස්‍ය විශේෂයට අයත් මත්ස්‍යයෙකු සහ ඒවා ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් ද මෙහිදී පොලිස් භාරයට ගනු ලැබුවා.
ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ ඩයිනමයිට් යොදා මසුන් අල්ලන ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි.