Gossips

හය හැවිරිදි දරුවෙක් අපයෝජනය කළ අයෙක් අල්ලයි

වයස අවුරුදු 06ක කුඩා දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ 45 හැවිරිදි අයෙකු පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අපයෝජනයට ලක්වූ දරුවාගේ පියාගේ වැඩිමහල් සහෝදරයා බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අවිවාහක අයෙක් වන අතර ඔහු පල්ලම – නාගවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
දරුවා පාසලට රැගෙන යාම සහ ආපසු පාසලින් නිවසට කැඳවාගෙන ඒම සැකකරු විසින් නිතර සිදුකර තිබෙනවා.
පසුගිය 23 වනදා දහවල් සැකකරු දරුවා පාසලින් නිවසට කැඳවාගෙන විත් ඇති අතර එම අවස්ථාවේ දරුවාගේ මව්පියන් නිවසේ සිට නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී සැකකරු දරුවාට මෙම අපරාධය සිදුකර ඇති බවයි හෙළිවී ඇත්තේ.
සැකකරු ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට පොලිසියට සමත්ව ඇති අතර අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.