Gossips

පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීම අද සිට

පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වගා කෙරෙන ගොවි බිම් සඳහා යල කන්නයට ජලය නිකුත් කිරීම අද සිට සිදුකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම ප්‍රකාශ කළේ මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ 16,100 ක මට්ටමේ පවතින බවයි.
මේ අනුව, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල සහ ඇලහැර යන ව්‍යාපාර සඳහා මැයි මස 5 වනදා ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළා.