Gossips

කොන්දේසි කඩන කර්මාන්තකරුවන්ට දැඩි ක්‍රියාමාර්ග

පරිසර ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන කර්මාන්තකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක පසුගියදා සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියයාමේ සිද්ධිය පිිළිබඳව අදහස් පළ කරමින්.
ඒ සඳහා හේතුවී ඇත්තේ අදාළ කර්මාන්තශාලාවේ ආරක්ෂක ක්‍රමවේදය පිළිබඳව ක්‍රමවත් අවධානයක් නොදැක්වීම බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගන්නා සියලුම කර්මාන්තකරුවන් එම කොන්දේසි පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා තවදුරටත් සඳහන් කළා.