Gossips

හද්දිසියේම ඉන්ධන මිල ඉහළ යයි

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 75කට අධික වන අතර වසර 3කට පසුවයි මෙලෙස තෙල් බැරලයක් සඳහා ඉහළම අගයක් වාර්තා වුණේ.
අවසන් වරට බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකට ඉහළ ගොස් තිබුණේ 2015 වසරේදියි.
ඉරානය සහ ඇමරිකාව අතර ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම සහ මැදපෙරදිග දේශපාලන වාතාවරණය මෙලෙස බොරතෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.