Gossips

ඉතිහාසයේ පළමු වරට ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 158.69 ක් වෙයි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවම අගය අද වාර්තා වුණා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 158 යි ශත 69 ක් ලෙසයි.
2010 වසරේ මැයි මාසය වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 114ක අගයක පැවතියා.
එය 2015 අප්‍රේල් මාසය වනවිට දැක්වුණේ රුපියල් 135 යි ශත 14 ක් ලෙසින්.
කෙසේ වෙතත්, අද වනවිට එය රුපියල් 158 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, අපනයන වැඩිදියුණු කිරීමකින් තොරව ආනයන මත පමණක් රැදී සිටීම මෙලෙස රුපියල අඛන්ඩව අවප්‍රමාණය වීමට හේතුව බවයි ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
රජය කඩිනමින් මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර කියා සිටියා.