Gossips

වෙසක් සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ අධීක්ෂණ වැඩසටහනක්

වෙසක් සමය තුළ දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා වැළැක්වීමේ විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කර තිබෙනවා.
අදාළ වැඩසටහන ලබන 27 වනදා සිට මැයි මස 3 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් 011 2 045 077 යන දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකියි.