Gossips

කොදෙව්වන් සමඟ ගැටුමට ලෝක කණ්ඩායමට තවත් සුපිරි තරු තුනක් එක්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මැයි මස 31 වනදා පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරඟය සඳහා ලෝක කණ්ඩායම වෙනුවෙන් තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් නම් කර තිබෙනවා.
බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව ක්‍රීඩක ෂකීබ් අල් හසන් සහ තම්මි ඉක්බාල් ලෝක කණ්ඩායමට නම් කර ඇති අතර මේ වනවිට ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ පෙරළිකාර ක්‍රීඩකයෙක් වී සිටින ඇෆ්ගනිස්ථාන දඟ පන්දුයවන ක්‍රීඩක රෂිඩ් ඛාන් එම ක්‍රීඩකයින් තිදෙනාට ඇතුළත්.
මීට පෙර පකිස්ථානය ක්‍රීඩකයින් වන ෂහිඩ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික් ද මෙම තරඟාවලියේදී ලෝක කණ්ඩායමට නම්කර තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ද ලෝක ක්‍රිකට් කණ්ඩායමට නම් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය පසුගියදා වර්තා කළා.
පසුගියදා බටහිර ඉන්දීය දූපත් සමුහයට බලපෑ සුළි කුණාටු වලින් හානියටපත් ක්‍රිකට් ක්‍රීඩාංගන අලුත්වැඩියා කිරීමට ආධාර රැස් කිරීමේ අරමුණින් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි මෙම සුවිශේෂී තරඟය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
මෙම තරඟයේදී එංගලන්ත ක්‍රීඩක ඔවින් මෝර්ගන් විසින් ලෝක කණ්ඩායම මෙහෙයවන අතර බරහිර ඉන්දීයය කොදෙව් කණ්ඩායම මෙහෙයවීම කාලෝස් බ්‍රාත්වේට් හට හිමිවෙනවා.
කොදෙව් ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල්, අන්ඩි‍්‍ර රසෙල්, සැමුවෙල් බද්‍රි, මාලන් සැමුවෙල් වැනි ක්‍රීඩකයින් මෙම විස්සයි විස්ස තරඟයේදී කොදෙව් කණ්ඩායමට එක්කර තිබෙනවා.
මෙම තරඟයට එක්වන කොදෙව් සංචිතය පහතින්.
සැමුවෙල් බද්‍රි, කාලෝස් බ්‍රාත්වේට් (නායක), රෙයිඩ් එම්රට්, අන්ඩි‍්‍ර ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ඉවන් ලුවිස්, ඈෂ්ලි නර්ස්, කීමෝ පෝල්, රෝව්මන් පවෙල්, දිනේෂ් රාම්දීන්, අන්ඩි‍්‍ර රසෙල්, මාලන් සැමුවෙල්, කේස්රික් විලියම්ස්