Gossips

නවගත්තේගමදී පියා, පුතුට තියුණු ආයුධයකින් පහර දෙයි

නවගත්තේගම – වෙලේවැව ප්‍රදේශයේදී පියෙකු සිය පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
පුත්‍රයා ගංජා පානය කර ඇති බවට පවසමින් පියා මෙම පහරදීම ඊයේ (23) සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරදීම සිදුවන අවස්ථාවේදී පියා ද අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
තුවාල ලැබූ 19 හැවිරිදි පුත්‍රයා මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ පියා නවගත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.