Gossips

DJ Avicii මරණයට පෙර බුදුදහමේ එන අපාය ගැන කියපු කතාව

පසුගියදිනවල බටහිර කලා ලෝකයේ බොහෝ දෙනෙකුගේ දැඩි ආවධානයට ලක්වූයේ බටහිර සංගීත කලාවේ DJ කුමාරයෙක් වූ DJ Avicii ගේ මරණය වෙතයි.
ඔහුගේ මලසිරුර අභිරහස් ලෙස හමුවූයේ ඕමාන් වලදීයි.
කලා ලොව තුළ DJ Avicii ලෙස ප්‍රසිද්ධියට පත්වුවද ඔහුගේ සැබෑ නාමය වූයේ ටිම් බර්ග්ලින්.
මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඔහුට මෙම ආදේශක නාමය පැමිණි ආකාරය වෙතයි.
කෙසේ වෙතත් එම හේතුව ඔහු මීට පෙර සඳහන් කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
එහිදී ඔහු පවසන්නේ තමන් සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ තම සත්‍ය නාමය වන ටිම් බර්ග්ලින් යන නාමය යොදාගෙන ගිණුම් නිර්මාණය කර තිබූ බවයි.
ඒ අනුව ආදේශක නාමයක් ඒ සඳහා යොදා ගැනීමට සිදුවූ බවයි ඔහු පවසන්නේ.
මෙලෙස ආදේශක නාමයක් යොදාගැනීමේදී බුදුදහමේ එන නරකම අපාය වන අවීචි මහ නරකාදිය එනම් Avicii කියන නාමය තමන් ඒ සඳහා යෙදූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔහු අදාළ සිදුවීම පිළිබඳව පැහැදිළි කළේ මේ අයුරින්.
rn