Gossips

බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 5 වැන්නා බිහිවෙයි

කේට් මිඩ්ල්ටන් හෙවත්, කේමිබ්‍රිජ්හි ආදිපාදවරිය අද සිය තුන් වන දරු උපත සිදුකළ අතර, ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදී ඇයට බිහි වූයේ පුත් කුමරෙක්.
විලියම් කුමරු, නැතිනම් කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා ද, රාත්තල් 8යි අවුන්ස 7ක් බරැති පුත් කුමරා බිහි වන අවස්ථාවේ එහි රැදී සිටි බවයි කෙන්සිංටන් මාළිඟය නිවේදනය කළේ.
අද බිහි වූ පුත් කුමරා බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බවට පත් වන අතර, ඇමරිකානු නිළියක වන මේඝන් මේකල් සමඟ ලබන මස විවාහ දිවියට එළඹෙන හැරී කුමරුට හිමි වන ස්ථානය 6 දක්වා පහත වැටෙනු ඇති.
මේ අතර ලොව වයස්ගතම මෙන්ම වැඩිම කාලයක් රජ කිරුළ හොඹවන බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිනගේ 92 වන ජන්ම දිනය පසුගියදා යෙදී තිබීමත් විශේෂත්වයක්.
මේ නිමිත්තෙන් රාජකීය පවුලේ සාමාජිකයන් හා විශේෂ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රසංගයක් ලන්ඩන් නුවරදී රාජකීය ඇල්බඩ් ශාලාවේදී පැවැත්වුණා.
මේ අතර, බ්‍රිතාන්‍ය යේ කාලතුවක්කු හමුදාව රැජිනගේ ජන්ම දිනය දා සාම්ප්‍රදායික වෙඩි මුර ආචාරය පිරිනැමුවේ මෙලෙසයි.