Gossips

රිටි පැනීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

සුගතදාස ක්‍රීඩාංගණයේදී අද(23) ආරම්භ වූ ජාතික කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා රිටි පැනීමේ තරඟ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට යාපනය දිස්ත්‍රික්කයේ අනීතා ජෙගතීෂ්වරන් අද (23) සමත් වුණා.
ඒ, මීටර් 3.55ක දක්ෂතාවක් දක්වමින්.
මේ අතර, 1989 වසරේ මීටර් 800 කාන්තා ඉසව්ව සඳහා ධම්මිකා මැණිකේ තබා තිබූ ජාතික කණිෂ්ඨ වාර්තාව අලූත් කිරීමට වලල රත්නායක විදුහලේ දිලූෂි කුමාරසිංහ සමත් වුණා.
එසේම අද (23) දිනයේ නව තරඟ වාර්තා 6ක් ද ජාතික කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී බිහි වී තිබෙනවා.