Gossips

මීගහකිවුලදී සිදුවූ පහරදිමකින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කෙරේ

මීගහකිවුල ලොග්ගල්ලා ඔයේ සිට වැලි ප්‍රවාහණය කරන කණ්ඩායම් දෙකක් අතර අද (23) මීගහකිවුල ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන තිබෙනවා.
එහිදී සිදුවූ පහරදිමකින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පැවසුවා.
ලොග්ගල්ලා ඔයෙන් වැලි ගොඩදැමීමේ හා වැලි ප්‍රවාහණය කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමිනුයි මේ පහරදීම සිදුව ඇත්තේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මීගහකිවුල, කණූගොල්ල හා සියඹලාගස්තැන්න යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 58, 29 හා 32 යන වයසේ පසුවන පුද්ගලයින් තිදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය හා බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.