Gossips

කැළණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුර ගොඩගැනේ

හංවැල්ල – ඇඹුල්ගම හන්දිය ප්‍රදේශයෙන්, කැළණි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් අද (23) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.
නාවික හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගඟ මැද පාවෙමින් තිබූ මළ සිරුර ගොඩගත් බවයි හංවැල්ල පොලීසිය කියා සිටියේ.