Gossips

හැටන් දික්ඔය ප්‍රදේශයේ පාසල් සිසුවියක් ගෙල වැළලාගනී

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් තම නිවසේදි ගෙල වැලලාගෙන සිටියදි ප්‍රදේශවාසින් විසින් ඇය ඉන් මුදා ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ඇයගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.
හැටන් දික්ඔය වනරාජා වත්තේ පදිංචි මෙම දැරිය සිය නිවසේ තාවකාලිකව ඉදි කර ඇති කාමරයක බාල්කයේ අද (23) උදෑසන ගෙල වැලලාගෙන තිබෙනවා.
එම සිසුවිය නොර්වුඩ් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 6 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටින බවයි පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.