Gossips

උතුරු කොරියාවේ බස් රථයක් පෙරළී 36 දෙනෙකු මිය යයි

චීන සංචාරකයින් රැගත් බස් රථයක් උතුරු කොරියාවේ, උතුරුදිග හවන්ගේ ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඉන් තිස් දෙදෙනෙකුම චීන සංචාරකයන්. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරේදී බස් රථයට දැඩි හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
උතුරු කොරියාවට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් සියයට 80ක්ම චීන ජාතිකයන්.
එරටට පැමිණෙන විදෙස් සංචාරකයන් දැඩි නීතිරීතිවලට ලක්වන අතර, ඔවුන්ට මඟ පෙන්වන්නේ රජය මගින් පත් කළ විශේෂ නියෝජිතයන් විසින්.