ලිහිසි තෙල්වල මිල සහ ප්රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීමට සහ නිර්දේශ සකස් කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ සඳහා පාරිභෝගිකයින්, අලෙවිකරුවන් ඇතුලු ලිහිසි තෙල් වෙළඳපොලට සම්බන්ධ පාර්ශවවලින් අදහස් සහ යෝජනා ලබාගැනීමට සැළසුම් කර ඇති අතර, හෙට (24) උදෑසන 8.30 ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මේ සඳහා සම්මන්ත්රණයක්ද සංවිධාන කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව ප්රකාශ කළා.