Gossips

පස් කණ්ඩියකට යටවී දෙදෙනෙකු රෝහලට

මහනුවර සංඝමිත්තා මාවතේ නිවසක් ඉදිකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පස් කණ්ඩියකට යටවීමෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද (23) පෙරවරුවේ මොවුන් නිවස ඉදිකිරීම සඳහා පස් කපමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි.
තුවාල ලැබූවන් මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.