Gossips

මහියංගනයේ මව සහ දියණිය ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි

මහියංගනය මාපාකඩවැව – ඉකිරියගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව මහියංගනය පොලිසිය පවසනවා.
ඝාතනයට ලක්වූ මව සහ දියණිය පුද්ගලයන් දෙදෙනෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි මහියංගනය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව අදාල පුද්ගලයන් දෙදෙනා විසින් මෙම ඝාතනයන් කරන්නට ඇති බවට සැකයක් පවතින බවයි පොලිසිය පැවසුවේ.
කිසියම් පිරිසක් විසින් නිවස තුළදී තම මව සහ නැගණිය ඝාතනය කර ඇති බවට ඝාතනයට ලක් වූ මවගේ පුත්‍රයා විසින් පසුගිය 20 වනදා මහියංගනය පොලීසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව, එම ස්ථානයට ගිය පොලීසිය මළ සිරුරු සොයා ගත් අතර මෙම ඝාතන 19 වන දින සිදුවී ඇති බවට පොලීසිය සැක කරනවා.
අප වාර්තාකරු කියා සිටියේ නිවසේ නිදියහනේ මව ඝාතනය කර ඇති අතර, දියණිය ඒ ආසන්නයේම බිම වැටී සිටි බවයි.
මියගිය මව අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයා විසින් මෙම ඝාතනය පිළිබඳව පොලීසියට පැමිණිලි කළ පුත්‍රයාට දැනුම්දී ඇති බව සඳහන්.
rnrnrnrnrn rnrnrnrnrnrnrnrnrnrnrnrnrnrn