Gossips

දියේ ගිලීමෙන් දරුවෙකු අතුරුදන්

අම්පාර – පොතුවිල් – එලිෆන්ට් පොයින්ට් ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය වයස අවුරුදු 14 ක දරුවෙකු අතුරුදන්වී තිබෙනවා.
ඔහු තවත් සිව්දෙනෙකු සමඟ ඊයේ (22) මෙලෙස දියනෑමට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
අතුරුදන්වූ දරුවා සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මෙම දරුවා පොතුවිල් ප්‍රදේශයේම පදිංචි අයෙක් බව සඳහන්.