Gossips

සාක්ෂි දීමට සූදානම් බව හිටපු ජනපති කියයි

ශ්‍රී ලංකා එයාර් ලයින් සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටුනායකදී සංවිධාන කළ ජනරැළියක් අමතමින්.
පස්වරු 4 ට පමණ ආරම්භ වූ මෙම ජන රැළිය පැවැත්වුනේ කටුනායක 18 කනුව ක්‍රීඩාංගණයේදී.
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජන රැළියට එක්වුණේ පස්වරු 7 ට පමණ.