Gossips

මාස අටේ කිරිකැටියා සමඟ පියෙකු දුම්රියට පනී

වැල්ලව – පල්ලෙකොටුව ප්‍රදේශයේදී පියා මාස 8 ක් වයසැති සිඟිති පුත්‍රයාද සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙලෙස දුම්රියට පැන සියදිවි හානිකරගත් පියාගේ වයස අවුරුදු 30 ක් බවයි.
කන්කසන්තුරේ සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන මොවුන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් බවට මූලික පොලිස් පරීක්ෂනවලදී අනාවරණ වී තිබෙනවා.
මොහු සිය දෙවන බිරිඳ සමඟ ජීවත්වන අතර, සියදිවි හානිකරගැනීමට පෙර බීමත්ව ඇය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවයි වැල්ලව පොලීසිය සඳහන් කළේ.
මෘත ශරීරයන් කුරුණෑගල රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (23) දින සිදුකිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.