Gossips

11 දෙනෙකුට වැඩ වැරදුණු මීටියාගොඩ ෆේස්බුක් සාදය

උත්සවශාලාවක පැවති සාදයක් අතරතුර මීටියාගොඩ පොලීසිය සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පුද්ගලයින් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීටියාගොඩ – ගොඩගම ප්‍රදේශයේ උත්සවශාලාවක මෙම සාදය ඊයේ (22) පවත්වා ඇත්තේ ෆේස්බුක් හරහා හඳුනාගත් තරුණ තරුණියන් පිරිසක් විසින්.
පොලීසියට ලැබුණු තොරතුරක් මත බුද්ධි අංශ නිලධාරීන් යොදවා මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුව මීටියාගොඩ පොලීසිය ඇතුලු පොලිස් ස්ථාන 04 ක නිලධාරීන් මෙම වැටලීමට එක්ව තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් පිරිස ළඟ තිබී ගංජා, හෂීස්, මත්පෙති සහ මත් මුද්දර ද සොයාගෙන ඇති බවයි මීටියාගොඩ පොලීසිය සඳහන් කළේ.
සාදයට සහභාගිවූ අනෙක් සියලුදෙනා සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඔවුන් පැමිණ තිබූ වාහනද සෝදිසි කර තිබෙනවා.
පසුව එම පිරිස පොලිස් ආරක්ෂාව මත එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි වාර්තාවන්නේ.