පුත්තලම – හලාවත ප්රධාන මාර්ගයේ දසනායකපුර ප්රදේශයේ දි අද (22) පස්වරුවේ සිදුවූ අනතුරුකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ත්රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ ත්රිරෝද රථ රියදුරු බවයි මුන්දලම පොලිසිය පවසන්නේ.
අනතුරට පත්ව බරපතල තුවාල ලබා සිටි ත්රිරෝද රථ රියදුරා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.
මිය ගිය තැනැත්තා දසනාකපුර ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි විවාහක අයෙක්.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳ මේ වන විට විදෙස්ගතව සිටින බවත් ඔහු තනිව ජීවත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම ප්රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගීවීමට ත්රිරෝද රථයෙන් යන අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
ලොරි රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරික්ෂණ මුන්දලම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.