Gossips

31 දෙනෙකු මරු කැඳවූ ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරය

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 31 දෙනෙකු මිය ගොස් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.
එළඹෙන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයට සමගාමීව මෙලෙස ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ මේ මාසයේදීයි.
මේ දක්වා කාලයක් තුළ මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාර 04ක් පමණ එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.