Gossips

සංගීත ප්‍රසංගයක් අතර වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයෙකු අත්අඩංගුවට

අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අලවල – කරස්නාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
42 හැවිරිදි මොහු අදාළ සංගීත ප්‍රසංගයට මිය ගිය පුද්ගලයා කැඳවාගෙන පැමිණි අය බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ඊයේ (21) සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නැමැත්තා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.