Gossips

ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුවහොත් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය සැකසීමට සූදානම් බව ඉරානය ප්‍රකාශ කළා.
ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් නිව්යෝක් නුවරදී ප්‍රකාශ කර ඇත්තේ ගිවිසුම පවතින තාක් තම රට න්‍යෂ්ටික අවියක් නිපදවනු ඇතැයි කිසිවෙකු බිය නොවිය යුතු බවයි.
එහෙත් ඉරානය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ 2015 වසරේදී ඇතිකරගත් ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන්නේ නම් එම ක්‍රියාමාර්ග වේගවත් කිරීමට ඉරානය සූදානම් බව ඔහු කියා සිටියා.
ඔහු මේ බව සඳහන් කළේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන්නේ නම් ඒ පිළිබඳව ඇමරිකාවට පසුතැවිලිවීමට සිදුවිය හැකි බවට ජනාධිපති හසන් රවුහානි කළ ප්‍රකාශයෙන් අනතුරුවයි.