Gossips

බීජ ළුෑණු නිෂ්පාදකයින් කණස්සල්ලෙන්

හබරණ – දිගම්පතහ – සිටියාපොලවත්ත පාරම්පරික බීජ ළුෑණු නිෂ්පාදකයින් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් ගැටලූ රැසකට මුහුණ පා තිබෙනවා.
ගම්වාසීන් කියා සිටියේ ලියාපදිංචි ගොවි සමිතියක් මගින් තමන් බීජ ළුෑණු අලෙවි කිරීම සිදුකළද මෙවර වෙනත් කණ්ඩායමක් විසින් බීජ ළුෑණු අලෙවි කිරීම සිදුකරන බවයි.
රාජ්‍ය මැදිහත්වීමක් මත සිදුකරන මෙම ක්‍රියාවලිය හේතුවෙන් තම බීජ අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.