Gossips

හොරණ රබර් කර්මාන්තශාලාවේ රසායනාගාර පරීක්ෂකවරිය රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පරීක්ෂකවරිය ලබන 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඇය අද (22) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රසායනාගාර පරීක්ෂකවරිය ඊයේ (21) පෙරවරුවේ හොරණ පොලිස් ස්ථානයට කැදවා පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනුණා.