Gossips

බලංගොඩ කොටි මෙහෙයුම

බලංගොඩ, පින්නවල, ගයියවත්ත වතුයායේ උගුලකට හසුව තුවාල ලබා සිටි කොටියෙකුගේ දිවි බේරාගැනීමට උඩවලව වනජීවී නිලධාරින් අද (05) සමත්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් බලංගොඩ වනජීවී නිලධාරි කාර්යාලය කළ දැනුවත් කිරීමකින් අනතුරුවයි උඩවලව වනජීවී කාර්යාලයේ නිලධාරින් පැමිණ මෙම කොටියාගේ දිවි බේරාගෙන ඇත්තේ.
කෙසේ වෙතත් පසුව එම කොටියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවී තිබෙනවා.
එම කොටියාගේ පාදයේ තිබූ තුවාලයකට බෙහෙත් කිරීමෙන් අනතුරව කොටියා උඩවලව රක්ෂිතයට මුදාහැරිම සදහා රැගෙන ගිය බවයි අප වාර්තාකරු සදහන් කළේ.
වනජීවී නිලධාරින් පැමිණ කොටියා බේරාගැනීමේ මෙහෙයුම සිදුකරන අවස්ථාවේ කොටියා වනජීවී නිලධාරින් වෙත කඩා පනින ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ මෙසේ සටහන් වී තිබුණා.