Gossips

ඕළු මරා අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ ‘ඕළු මරා’ අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ඕළු මරා නමැති සැකකරුවෙකු සහ ඔහුගේ සගයින් සිව් දෙනෙකු හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අලූයම බිංගිරිය – වැල්ලරාව – බක්මීරුප්ප ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී ඔවුන් සතුව තිබූ තියුණු ආයුධ කිහිපයක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
‘ඕළු මරා’ නැමැති 22 හැවිරිදි මෙම පුද්ගලයා වෙන්නප්පුව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධව සිටි ප්‍රධාන සැකකරුවෙක්.
ප්‍රදේශයේ සිදුවූ ගැටුම් කිහිපයකට ද මොහු වරෙන්තුකරුවෙකුව සිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඒ අනුව මොහු සෙවීම සඳහා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
වෙන්නප්පුව – කිරිමැටියාන ප්‍රදේශයේ දී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම ගිනි අවි ඕළු මරා නැමැති පුද්ගලයාට අයත් ඒවා බවයි.
ඒ අනුව විමර්ශන සිදුකළ හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය ඔහු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
මීට පෙර ද සැකකරු ගිවි අවි කිහිපයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර මුදා හැර සිටි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.