Gossips

එජාපයේ වෙනස 26 වැනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබදව ලබන 26 වනදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර දේශපාලන මණ්ඩලය යළි රැස්වී සාකච්ඡා කරන බව එහි සාමාජික, නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම රැස්වීමේ දී සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය 26 වනදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.