Gossips

අදත් දිවයිනේ පළාත් රැසකට වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද දිනයේත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ අද දිනයේත් රළු ස්වභාවයක් ගත හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන ලෙසයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක ඉල්ලීමක් කළේ.