Gossips

කේරල ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගලේවෙල – එනමල්පොත ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි අයෙක්.
යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී කිලෝග්‍රෑම් දෙකකට ආසන්න මෙම කේරල ගංජා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.