අත්තනගල්ල ප්රදේශයේ පැවති සංගීත ප්රසංගයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්රී 10.50 ට පමණ නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් පිස්තෝලයකින් කළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා තිබුනා.
ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේ දී එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
තුවාල ලැබු කාන්තාව සහ අනෙක් පුද්ගලයන් 3 දෙනා තවදුරටත් වතුපිටිවල රෝහලේ ප්රතිකාර ලබනවා.
සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුවක් ද අනාවරණ වී නැහැ.
නිට්ටඹුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.