පාක්ෂිකයින් අපේක්ෂා කරන පරිදි එක්සත් ජාතික පක්ෂය තුළ වෙනසක් සිදුවිය යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින්.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.