Gossips

පළාත් සභා මැතිවරණය අලූත් ක්‍රමයට තියන්න පෙනී සිටින්නැයි ඉල්ලීමක්

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
වැලිගම ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, හොරණ ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කියා සිටියේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් තේරී පත්වූ මහජන නියෝජිතයන් පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවයි.