Gossips

ඇමරිකානු ජනපතිවරණයට බලපෑම් කළැයි, රුසියාවට නඩු

2016 ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් ඇති කළ බව පවසමින් ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කමිටුව, රුසියානු රජය, විකිලීක්ස් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.
නිව්යෝක් – මැන්හැට්න් අධිකරණයේ පවරා ඇති එම නඩුව මගින් ඩිමොක්‍රටික් පක්ෂය කියා සිටියේ හිලරි ක්ලින්ටන් ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීම සඳහා රුසියානු රජය සහ එහි ඔත්තු සේවාව කටයුතු කර ඇති බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ඔවුන් සමඟ ඒ සඳහා කුමන්ත්‍රණය කර ඇති බවට ද ඩිමොක්‍රටික් ජාතික කමිටුව චෝදනා කළා.
2016 ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සමගාමීව රුසියාව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය බව ද ඔවුන් සඳහන් කළා.
කෙසේ නමුත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කළමනාකරු කියා සිටියේ මෙය ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා මුදල් එක්රැස් කිරීමේ උත්සාහයක් බවයි.