Gossips

4%ක ආර්ථික වර්ධනයක් ගැන IMF කියයි

මේ වසරේදී මෙරට ආර්ථිකය අවම වශයෙන් සියයට 4ක වර්ධනයක් අත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
පසුගිය වසරේදී මෙරට ආර්ථිකය වසර 16කින් අවම අගය වාර්තා කළා.
මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධාන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5ක ණය මුදලට අදාළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඇගයීමකට ලක් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙරට මූල්‍ය ස්ථාවරභාවය ගොඩනැගීමට සහ විදේශ සංචිතය ශක්තිමත් වීමට ගෙන ඇති පියවර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබද නියෝජිත ප්‍රධානී මැනුවෙලා ගොරෙටිගේ පැසසුමට ලක්වුණා.
මෙරට ආර්ථිකය මේ වසරේදී සියයට 5ක වර්ධනයක් ලබනු ඇති බව ශ්‍රී ලංකා මහබැංකුවේ අපේක්ෂාවයි.