Gossips

මැඩගස්කර් විපක්ෂ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

මැඩගස්කර් රාජ්‍යයේ අන්තනන්රිවෝ අගනුවරට රොක් වූ විපක්ෂ විරෝධතාකරුවන්ට එරට පොලීසිය අද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඔවුන් විරෝධතාවයේ නිරත වූයේ මේ වසර අග දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තම අපේක්ෂකයා සහභාගිවීම වැළැක්වීමට කටයුතු කරන බවට චෝදනා කරමින්.
මැඩගස්කරය මේ මස මුල දී නව මැතිවරණ නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවා.
එමගින් ඡන්දදායකයන්ගේ අයිතිය උල්ලංගණය වන බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.