Gossips

මාලිංගගෙන් ඉන්දියාවේ සිට විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ දිනවල ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
මාලිංග ඉන්දියාවේ සිට, සිය ඉදිරි බලාපොරොත්තු සහ ඔහුගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව අදහස් දක්වමින් සිදුකළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ ජාල මාධ්‍යයන්ට එක්ව තිබෙනවා.
ජාතික කණ්ඩායමට එක්වීමට යළි අවස්ථාවක් ලැබෙන්නේ නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුදානම් බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ වන විට තමන් යහපත් ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවද මාලිංග ප්‍රකාශ කළා.
එම වීඩියෝව පහතින්.
rnrn