Gossips

රුසියාවෙන් යුද ගුවන් යානාවලට නව නීති

සිරියාවට ඉහළින් පියාසර කරන තම යුද ගුවන් යානා සඳහා රුසියාව නව නීති පනවා තිබෙනවා.
පසුගිය දා සිරියානු කැරළිකරුවන්, රුසියාවට අයත් එස්.යූ. 25 වර්ගයේ ගුවන් යානාවකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව සිරියාවට ඉහළින් පියාසර කිරීමේදී අඩි 16,000කට වඩා ඉහළින් පියාසර කරන ලෙසයි අදාළ නියෝගයෙන් දැනුම් දී ඇත්තේ.